නාකොටික් නිලධාරීන් ඇතුළු 20 දෙනා යළි රිමාන්ඩ්

නාකොටික් නිලධාරීන් ඇතුළු 20 දෙනා යළි රිමාන්ඩ්

by Staff writer 12-04-2021 | 3:10 PM

COLOMBO (News 1st) : පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 දෙනා ලබන 19 වැනිදා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

ඒ, නඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ අද කැඳ වූ අවස්ථාවේදියි. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීම ඇතුළු චෝදනා යටතේ, සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.