දුම්රිය පැමිණලි හා තොරතුරු විමසීමට අංකයක්..

දුම්රිය පැමිණිලි සහ තොරතුරු විමසීමට කෙටි දුරකතන අංකයක්..

by Staff writer 12-04-2021 | 6:20 PM
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව 1971 නමින් කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය මගීන්ට හදිසි අවස්ථාවකදී දුම්රිය පිළිබඳ සියලු පැමිණිලි ඉදිරිපත් කිරීමට මේ ඔස්සේ හැකියාව පවතින බවයි. දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ද, 1971 කෙටි දුරකතන අංකය ඔස්සේ ලබා ගත හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.