කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

by Sagarika Chathumali 12-04-2021 | 1:06 PM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ (11) මෙරටින් නව කොවිඩ් – 19 ආසාදිතයින් 283 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අතරින් පුද්ගලයින් 58 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර ඉතිරි පුද්ගලයින් 225 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව127 කි. ඊට අමතරව, ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් ආසාදිතයින් 26ක් සහ 17ක් ලෙස වාර්තා වී ඇත. ඉතිරි ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්‌තේ සෙසු දිස්ත්‍රික්කවලිනි. ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 95131 ක් දක්වා ඉහළ ගියේ ය. ඉන් පුද්ගලයින් 91,631 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති අතර ආසාදිතයින් 2902 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් දෙදෙනෙකු මිය යාමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 598 ක් දක්වා ඉහළ ගි‌යේ ය. එම මරණ වාර්තා වී ඇත්තේ, පුත්තලම සහ බද්දේගම යන ප්‍රදේශවලිනි. නිරෝධායන මධ්‍යස්ථාන 101 ක් තුළ පුද්ගලයින් 10,604 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (11) දිනය තුළ සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 5,292 කි. කෙරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 925,242 කි.