ඉන්දියාවේ කොරෝනා අධිඅවදානමක්...

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් එක් ලක්ෂ පනස් දහස පනී..

by Sagarika Chathumali 12-04-2021 | 12:14 PM

COLOMBO (News 1st) : ගෙවී ගිය පැය 24 තුළ අතිවිශාල කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග ඉන්දියාව ලොව කොරෝනා ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබේ.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (11) දිනයේ ඉන්දියාවෙන් නව ආසාදිතයින් 168,912 දෙනෙකු වාර්තා වී ඇති බවයි. ගෙවුණු දිනයේ ඉන්දියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 904කි. ඒ අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 13.53කට ආසන්න වී ඇති අතර සමස්ත මරණ සංඛ්‍යාව 170,000 ඉක්මවා ගොස් තිබේ. මේ අතර අමෙරිකාව ලොව කොරෝනා ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණේ පසුවන අතර එරටින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 31.2 කට අධික ය. ඉන්දියාව දෙවන ස්ථානයට පත්වීමත් සමග බ්‍රසීලය කොරෝනා ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්ව ඇති අතර එරටින් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව ද මිලියන 3.45 අධික ය.