වන අලි කළමනාකරණ රක්ෂිත ගැසට්ටුව මුද්‍රණයට?

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රය මුද්‍රණයට - වනජීවී අධ්‍යක්ෂ ජනරාල්: එවැනි ලේඛනයක් තවමත් ලැබී නැහැ - රජයේ මුද්‍රණාලයාධිපති

by Staff writer 11-04-2021 | 4:17 PM
COLOMBO (News 1st): හම්බන්තොට, වන අලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රය මුද්‍රණයට යොමු කර තිබෙන බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි. වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ, විෂය භාර අමාත්‍යවරයාගේ අත්සනින් පසු එය මුද්‍රණයට යොමු කළ බවය. මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මියගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේය. ඇය සඳහන් කළේ, මුද්‍රණය සඳහා එවැනි ලේඛනයක් තමන්ට මේ දක්වා ලැබී නොමැති බවය.