තවත් ආසාදිතයින් 175ක් සුවය ලබයි..

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 91,631 දක්වා ඉහළට..

by Staff writer 11-04-2021 | 7:07 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 175 දෙනෙකු අද(11) සුවය ලැබුවේය.

ඒ සමග මෙරට කොරෝනා ආසාදනයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 91,631කි. වෛසරය ආසාදනය වී මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2,621 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය. කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 596කි. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 170ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.