ඉමාඩ් සුබේරි ගැන හෙළිදරව්වක්

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට මුදල් ගෙවූ ඉමාඩ් සුබේරි CIA රහස්‍ය ඒජන්තවරයෙකු බවට හෙළිදරව්වක්..

by Staff writer 11-04-2021 | 9:04 PM

COLOMBO (News 1st)  - 2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට රුපියල් කෝටි ගණනක් ගෙවා සේවය ලබා ගත් ඉමාඩ් සුබේරි නැමැත්තා අමෙරිකාවේ CIA ආයතනයේ රහස්‍ය ඒජන්තවරයෙකු බවට හෙළි වී ඇතැයි අමෙරිකාවේ පැරණිතම පුවත්පතක් වන වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණය කර තිබේ.

ඉමාඩ් සුබේරි යනු කවුද ?

2014 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව අමෙරිකාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩ නැගීම සඳහා තොරා ගත් පුද්ගලයායි.

ඉමාඩ් සුබේරි ලංකාවේ ප්‍රතිරූපය නංවන්න දායක වෙන්නේ කිසිම මුදලක් අය නොකර ද?

2014 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඔහුට මේ කටයුත්ත වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක් ගෙවා තිබේ. මේ මුදලේ වටිනාකම දළ වශයෙන් වර්තමාන විනිමය අනුපාත අනුව රුපියල් කොටි 131 කට අධිකය.

ඉමාඩ් සුබේරි අමෙරිකාවේදී දඬුවම් ලැබුවේ ඇයි?

ඉමාඩ් සුබේරි පසුගිය පෙබරවාරි මාසයේ අමෙරිකානු අධිකරණයක් ඉදිරියේ වැරදිකරු වූයේ තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රීක සම්බන්ධතා අවභාවිත කිරීම හා මුදල් අවභාවිත කිරීම යන චෝදනා වලටයි. ඒ වැරදිවලට ඔහු මේ වනවිට වසර 12ක සිර දඬුවම් විදිමින් සිටී. 2014 දී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය අමෙරිකාව තුළ ගොඩ නැගීමට, සුබේරිට මෙරට ජනාතාවගේ මුදල් ලබා දී ඇත්තේ , ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හෝ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව බව අණාවරණය වී තිබේ. අමෙරිකාවේ පැරණිතම සහ ජනප්‍රියතම පුවත්පතක් වන වෝල් ස්ට්‍රීට් ජර්නල් වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඉමාඩ් සුබේරි CIA ආයතනයේ රහස්‍ය ඒජන්ත වරයෙකු ලෙස දශකයකට අධික කාලයක් කටයුතු කර ඇති බවයි.

CIA ඒජන්තවරයෙකුට අපේ රටේ ජනතා මුදල් දුන්නේ කවුද?

2014 දී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වූයේ වත්මන් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතායි.

සුබෙයිරි මැදිහත් වූ එකම ඩීල් එක මේකද?

එම වාර්තාවට අනුව CIA ඒජන්ත ඉමාඩ් සුබේරිව මෙහෙය වූ පුද්ගලයෙකු විසින් ඔහු ලවා නවීන පන්නයේ නාවික අධීක්ෂණ පද්ධතියක්ද ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට මෙරට රජය පොළඹවා තිබේ. ඒ, අමෙරිකාව චීනයේ සබ්මැරීන් ප්‍රහාර පිළිබඳ චකිතයකින් කටයුතු කළ පසුබිමකදීය. හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා මේ කිසිදු ගනුදෙනුවක් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හෝ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හෝ අනුමැතිය ලබාගෙන නැති අතර අජිත් නිවාඩ් කබ්රාල් තමන්ගේ හිතුමතේට කිසිදු විනිවිඳභාවයකින් තොරව මහජන මුදල් වියදම් කොට ඇත. මේ මම ලියපු 2014 . මේ එදා වෙච්ච ගනුදෙනුව. අද අමෙරිකාව විසින් හොයාගෙන , අමෙරිකාවේ මීට සම්බන්ධ වෙච්ච පුද්ගලයන්ට දඬුවම් කරනවා. හැබැයි මේකෙ මුදල් විශුද්ධිකරණය පැහැදිලිවම තියෙනවා. ඒ නිසා අපි අහනව ශ්‍රී ලංකාවේ සාධාරණය කරන්න ආපු අමෙරිකාවේ සිට මවුබිමට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් අපේ රටේ මහජන මුදල් හොරකම් කරලා අද අමෙරිකාවට අහු වෙලා තියෙද්දි අපේ මේ හොරකමට දායක වෙච්ච එවකට මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් ට දෙන දඬුවම කුමක්ද? මේ විදිහට කරපු මේ ගනුදෙනුව දැන් මුළු ලෝකය ඉදිරියේ ම නිරාවරණය වෙලා තියෙනවා. යහපාලන ආණ්ඩුව මේවා දැක දැක අහක බලාගෙන ඉඳලා අපිව පරාජයට පත්කළා. දැන් නිවාඩ් කබ්රාල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මේවා ගැන නිව්ස්ෆස්ට් අනාවරණය කළේ වරක් දෙවරක් නොවේ..

CIA ඒජන්තවරයෙකුට පාර්ලිමේන්තුවේ අනුමැතියක් නොමැතිව හිතුමතේ ජනතා මුදල් ලබාදුන් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුතු නොවේද?