විෂ පොල්තෙල් වෙළෙඳපොළෙන් හමු වී නැහැ

විෂ පොල්තෙල් වෙළෙඳපොළෙන් මෙතෙක් හමු වී නැහැ - රාජ්‍ය ඇමති ලසන්ත

by Staff writer 11-04-2021 | 7:08 AM

COLOMBO (News 1st) – සෞඛ්‍යයට අහිතකර කිසිදු පොල්තෙල් තොගයක් වෙළෙඳපොළෙන් මෙතෙක් හමු වී නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ , සියලු දිස්ත්‍රික්වලින් ලබා ගත් පොල්තෙල් නියැදි 109ක මිනිස් සිරුරට අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවූ බවයි. ඒ හේතුවෙන්, කිසිදු බියකින් තොරව වෙළෙඳපොළේ පවතින පොල්තෙල් පරිභෝජනය කරන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.