by Staff writer 11-04-2021 | 6:01 PM
COLOMBO (News 1st) - වසරේ මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 580 දෙනෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ දිනයේත් මාරක රිය අනතුරු 5ක් සිදුවූ බවය.
මේ අතර මාර්ග නීති උල්ලංඝණය කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ඔහු සඳහන් කළේ ඔවුන් වාහනයේ අනාරක්ෂිත ලෙස ගමන් කරන අතර නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කර ඇති බවය.
මෝටර් රථයේ හිමිකරු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව මේ වනවිට සිදුකළ විමර්ශවලදී අනාවරණ වී තිබේ.
නමුත් තවමත් එම මෝටර් රථය ඔහු සන්තකයේ පවතින්නේ ද යන්න පිළිබඳව විමර්ශනය කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.
අපරික්ෂාකාරී ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කළ මෝටර් රථයේ දර්ශන..
https://youtu.be/L7QuKIXrabw