වත්තලදී මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු දැලේ

වත්තලදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

by Staff writer 11-04-2021 | 6:29 PM

COLOMBO (News 1st) - වත්තලදී හෙරොයින් ග්‍රෑම් 101 ක් සහ අයිස් ග්‍රෑම් 113 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ හොරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් දස ලක්ෂ තිස් දහස් හයසිය හැත්තෑවක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගත් බවය. සැකකරු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය. මත්ද්‍රව්‍යවලට අදාළ මෙහෙයුම් පොලීසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අඛණ්ඩව සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේය.