ප්‍රවේසමෙන්, කොල්ලකෑම්වල වර්ධනයක් - පොලීසිය

ප්‍රවේසමෙන්, කොල්ලකෑම්වල වර්ධනයක් - පොලීසිය

by Staff writer 11-04-2021 | 2:04 PM

COLOMBO (News 1st) – කොල්ලකෑම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ (10) දිනයේ රන් මාල කොල්ලකෑම් 05ක් වාර්තා වී ඇති බවයි. ඒ මීගමුව, රාගම, අවිස්සාවේල්ල, තිස්සමහාරාම සහ ජා-ඇල යන පොලිස් බල ප්‍රදේශවලින් ය. එම පුද්ගලයින් යතුරුපැදිවලින් පැමිණ කිසියම් දෙයක් අසන මුවාවෙන් එම කොල්ලකෑම් සිදුකර ඇතැයි ඔහු සඳහන් කළේ ය. ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කාර්යබහුල මෙවැනි ව්‍යාපාරික ස්ථානවලට සහ මාර්ගවල ගමන් කිරීමේදී විමසිලිමත් වන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.