කොරෝනා එන්නත් තොගයක් මෙම මාසය තුළ ..

තවත් කොරෝනා එන්නත් තොගයක් මෙම මාසය තුළ දිවයිනට..

by Staff writer 11-04-2021 | 7:31 AM

COLOMBO (News 1st) – තවත් කොරෝනා මර්දන එන්නත් තොගයක් මෙම මාසය අවසන් වීමට පෙර දිවයිනට ගෙන්වා ගැනීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ , ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් එන්නත් තොගයක් එලෙස ලැබීමට නියමිත බවය. එන්නත්කරණය පිළිබඳ විද්වත් කමිටුව හෙට(12) රැස්වී ඒ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය.