"ෆැමිලි රන් සැටර්ඩේ" වැඩසටහන ඇරඹේ..

"ෆැමිලි රන් සැටර්ඩේ" කොළඹ තුරඟ තරග පිටියෙන් ඇරඹේ..

by Staff writer 10-04-2021 | 8:40 PM

COLOMBO (News 1st) -  " ෆැමිලි රන් සැටර්ඩේ " වැඩසටහන අද(10) උදෑසන කොළඹ තුරඟ තරග පිටියෙන් ආරම්භ විය.

ඒ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කායික හා මානසික වශයෙන් ශක්තිමත්, නිරෝගීමත් තරුණ පරපුරක් දැයට දයාද කිරීමේ අරමුණින් "ෆැමිලි රන් සැටර්ඩේ" වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන සෑම සෙනසුරාදා දිනකම උදෑසන 6.00 ට කොළඹ තුරඟ තරග පිටියෙන් ආරම්භ වන අතර මාර්ගයේ වෙන් කළ ආරක්ෂිත මංතීරුවක් ඔස්සේ කිලෝමීටර් 5 ක දුරක් ඇවිදීම හෝ ධාවනය කළ හැකිය. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 
"දක්ෂ ක්‍රීඩකයෙක් හදන්න නම් අනාගත පරම්පරාව ක්‍රියාශ්‍රීලී වෙන්න ඕනේ. ඒ ක්‍රියාශ්‍රීලී පරම්පරාවක් ගොඩ නගන්න නම් දෙමව්පියෝ දරුවෝ ක්‍රියාශ්‍රීලී දිවි පෙවෙතක් කරා අපි යොමු කරන්න ඕනේ. ඉතින් මම හිතන්නේ සිංහල දමිළ අළුත් අවුරුද්ද එන වෙලාව. ඉතිහාසයේ වැඩිම ක්‍රියාශ්‍රීලී කාල සීමාව ඉතින් එවැනි කාල සීමාවක අපි සෙනසුරාදා දිනය පවුලේ සියලු දෙනා එක්ක ක්‍රියාශ්‍රීලී දිවි පෙවෙතක් ගත කරන්න සෙනසුරාදා උදේ වරුව ගත කරන්න කියන ගෞරවනීය ආරාධනය කරනවා. අද කොළඹ රේස්කෝස් එකෙන් මේක ආරම්භ කළාට අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ හැම ගමකම ජනතාව තමන්ගේ දරුවෝ දෙමව්පියෝ එක්ක ඒ ක්‍රියාශ්‍රීලී දිවිපෙවෙත ගත කරන්න අපට සහයෝගය දෙයි කියලා"