රජයේ වතු කම්කරුවන්ට කුඩම්මාගේ සැලකිල්ලද?

රජයේ වතු කම්කරුවන්ට රු. 1000 දෛනික වැටුප නොලැබෙන බවට චෝදනා..

by Staff writer 10-04-2021 | 7:23 PM

COLOMBO (News 1st) – වතු කම්කරුවන් සඳහා රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබා දෙන බවට රජය පොරොන්දු වුවද රජයේ පරිපාලනය සතුව තිබෙන වතුවල සේවකයින්ට මේ මාසය සඳහා එම වැටුප නොලැබුණ බව වතු සේවකයින් චෝදනා කරයි.

වතු සමාගම්වලට අයත් වතු 22 ක කම්කරුවන්ට මේ මස හිමිවිය යුතු රුපියල් 1000 ක දෛනික වැටුප ලැබී තිබුණි. නමුත් රජයේ පරිපාලනය යටතේ ඇති වතු 38ක කම්කරුවන්ට එය හිමිවී නොමැත. කාන්තාවක් - ගිය මාසයේ බලාපොරොත්තු වුණා මේක ලැබෙයි කියලා ඒත් මේ මාසේ ලැබුණේ නෑ. බඩු මිල වැඩි වෙලා අපි කොහොමද ජීවත් වෙන්නේ. රජය රු 1000 දෙනවා කිව්වාට අපිට ලැබුණේ නෑ. මේ අතර අදාළ තීරණය හදිසි තීන්දුවක් නිසා වැටුප් ගිණුම් පිළිබඳ ක්‍රියාමාර්ග සම්පූර්ණ කිරීමට නොහැකි වූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ ය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මේ සහ අවසානයේ අදාළ හිඟ මුදල ලබාදීමට කටයුතු කරන බවය.