පොහොර දීමේදී පස පරීක්ෂා කිරීමේ වාර්තාව අනිවාර්යයි

පොහොර ලබා දීමේදී පස පරීක්ෂා කිරීමේ වාර්තාව අනිවාර්ය කෙරේ - ඇමති අලුත්ගමගේ

by Staff writer 10-04-2021 | 7:57 AM

COLOMBO (News 1st) - එළඹෙන යල කන්නයේ සිට පොහොර ලබා දීම සඳහා පස පරීක්ෂා කිරීමේ වාර්තාව අනිවාර්ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, දිවයින පුරා සියලු දිස්ත්‍රික්කයන්හි ඉඩම්වල පස පරීක්ෂා කිරීමෙන් පසු පොහොර ලබා දීමේ ජාතික වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බවයි. මේ අතර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් සහ කෘෂි උපදේශකවරුන්ට පස පරීක්ෂා කිරීම පිළිබඳව සහ ඒ සම්බන්ධයෙන් ගොවිජනතාව දැනුවත් කරන ආකාරය ගැන දැනුම ලබා දීමට ද නියමිතය.