නාමල් රාජපක්ෂගේ උපන් දින සැමරුමක් මාතරදී..

නාමල් රාජපක්ෂගේ උපන් දින සැමරුමක් මාතරදී..

by Staff writer 10-04-2021 | 7:57 PM

COLOMBO (News 1st) – ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් සැමරුමක් අද(10) මාතර දී පැවැත්විය.

මෙම උපන් දින සැමරුම සිදු වූයේ මාතර, නිල්වැල්ල ධීවර වරාය ආසන්නයේ ඉදිකරන ලද නිල්වැල්ල මුහුදු කෞතුකාරය විවෘත කිරීමේ අවස්ථාවට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එක් වූ අවස්ථාවේදී ය. මෙම අවස්ථාව සඳහා යෝෂිත රාජපක්ෂ මහතා සහ එම මහත්මිය ද සහභාගී විය. එහිදී පිරිස දියේ කිමිදෙමින් කෞතුකාගාරය නැරඹුවේ ය.