රොහාන් ප්‍රේමරත්න‌ CID අධ්‍යක්ෂ ධුරයට

නව CID අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න

by Staff writer 10-04-2021 | 7:37 PM

COLOMBO (News 1st) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) භාර නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කිරීම සඳහා ජනපතිවරයා දුන් උපදෙස් මත හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා එම තනතුරෙන් අපරාධ කොට්ඨාසය වෙත මාරු කර යවා ඇත. නව රජය පත්වූ පසුව එම ධුරයට පත්කළ සිව්වන අධ්‍යක්ෂවරයා රොහාන් ප්‍රේමරත්න මහතා ය. ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙසින් රොහාන් ප්‍රේමරත්න ගල්කිස්සේ මත්කුඩු පාතාලය මර්දනය කිරීමටත් , රුපියල් කෝටි 40ක් හුවමාරු වූ මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගිණුමක් ඇතුළු ගිණුම් හෙළි කර ගැනීමටත් සමත්වූ දක්ෂ විමර්ශන නිලධාරියෙකු ලෙස ප්‍රසිද්ධ ය. පොලිස් ස්ථානාධිපතිවරයෙකු ලෙස 20 වසරක පමණ අත්දැකිම් ඇති ඔහු අපරාධ මර්දනයට දක්ෂතා දැක්වූ අයෙකි. ගාල්ල, මහින්ද විද්‍යාලයේ හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි සිසුවෙකි.