රොෂාන් වාර්තාවක් අභියස

තලෙයිමන්නාරමේ සිට ධනුෂ්කෝඩියට පිහිනා ගිය රොෂාන් ආසියානු වාර්තාවක් අභියස...

by Staff writer 10-04-2021 | 7:33 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූරයෙකුගෙන් නව ආසියාතික වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා අද තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගියේ ය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ පූර්ණ සහයෝගය හා මග පෙන්වීම යටතේ රොෂාන් අබේසුන්දර මහතා මෙම අවස්ථාවට සහභාගී වී තිබේ. රොෂාන් අබේසුන්දර මහතා පවසන්නේ, මෙහි අරමුණ සාගරය පරිසරය රැක ගැනීමේ පණිවිඩය ලෝකයට රැගෙන යාම බවයි.. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා "මගේ බලාපොරොත්තුව ලංකාවේ මන්නාරමේ ඉදන් ඉන්දියාවේ දනුෂ්කෝඩි දක්වා පීනලා ආපහු එන්න. බලාපොරොත්තුව පැය 35 ක වගේ කාලෙකින් එන්න. ඒ වගේම මේකට ගොඩක් අය උදව් කළා . මගේ අරමුණ සාගරයට පොලිතින් ප්ලාස්ටික් ඇතුල් කරන්න එපා කියලා ලෝකවාසීන්ට පණිවිඩයක් දෙන්න" අද අලුයම 2.00 ට තලෙයිමන්නාරමේ වෙරළින් පිහිනීමේ මූලාරම්භය සනිටුහන් කළේ ය. රොෂාන් අබේසුන්දර මහතා ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරම දක්වා පිහිනීමට නියමිත ය. ඔහු පිහිනීමට නියමිත මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 59 යි මීටර් 500 කි.