වනජීවි නිලධාරීන්ට පහර දුන් අයෙක් කොටු

ආඩියාගල වනජීවි නිලධාරීන්ට පහර දුන් අයෙක් අත්අඩංගුවට

by Staff writer 10-04-2021 | 1:22 PM

COLOMBO (News 1st) - ගල්කිරියාගම, ආඩියාගල වනජීවි නිලධාරීන්ට පහර දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, වනජීවි කාර්යාලයට පැමිණි ප්‍රදේශවාසීන් තිදෙනෙකු ඊයේ එහි නිලධාරීන්ට පහර දී ඇති බවය. පහරදීමෙන් එක් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.