5000 දීමනාව 12,13 සමෘද්ධි බැංකු මගින්..

අවුරුද්ද වෙනුවෙන් දෙන 5000 දීමනාව ලබන 12 ,13 දිනවල සමෘද්ධි බැංකු මගින්..

by Staff writer 10-04-2021 | 2:53 PM

COLOMBO (News 1st) – අඩු ආදායම්ලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව, ලබන 12 සහ 13 යන දිනවල සමෘද්ධි බැංකු මගින් ලබාගත හැකි බව රජය පවසයි.

වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේ, අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ය.