අල්ලස් ගත් බීට්ටු වන නිලධාරියෙකු අත්අඩංගුවට..

අල්ලස් ගත් බීට්ටු වන නිලධාරියෙකු අත්අඩංගුවට..

by Staff writer 10-04-2021 | 5:46 PM

COLOMBO (News 1st) – රුපියල් 5000ක අල්ලසක් ලබා ගත් බීට්ටු වන නිලධාරියෙකු කඹුරුපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් කොමිසම සඳහන් කළේ, කොස් ගසක් ඉරා ලී මෝලක සිට ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රය ලබා දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් මුදල් ලබා ගනිද්දී ඔහු අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඹුරුපිටිය අඩවි වන කාර්යාලයේ බීට්ටු වන නිලධාරියෙකි.