අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට

මාලිගාවත්තේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 10-04-2021 | 12:29 PM

COLOMBO (News 1st) - මාලිගාවත්ත ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 250 ක් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය භාරයට ගෙන ඇති බවය. වැඩිදුර විමර්ශන සඳහා 70 හැවිරිදි අදාළ පුද්ගලයා මාලිගාවත්ත පොලීසිය වෙත ඉදිරිපත් කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.