by Staff writer 10-04-2021 | 4:46 PM
COLOMBO (News 1st) – පාසල් සිසුන් සහ තරුණ පිරිස් ඉලක්ක කර ගනිමින් හඳුනා නොගත් මත් පෙති අලෙවි කරන පුද්ගලයෙකු අද(10) දහවල් අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් අංශය සමත් විය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.
කළුතර උතුර, ශ්‍රී සුමංගල මාවත ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී අදාළ මත් පෙති තොගය සහ ජාවාරම සඳහා යොදාගත් බැව් කියන, ජංගම දුරකතන 2 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.