නුගේගොඩ වෙළඳ සංකීර්ණයක ගින්නක්

නුගේගොඩ වෙළඳ සංකීර්ණයක ගින්නක්

නුගේගොඩ වෙළඳ සංකීර්ණයක ගින්නක්

කර්තෘ Staff writer

10 Apr, 2021 | 4:57 pm

COLOMBO (News 1st) – නුගේගොඩ පිහිටි වෙළෙඳ සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ 04ක් පිටත් කර යැවූ බවයි.

ඒ, කෝට්ටේ සහ දෙහිවල මහනගර සභා ගිනි නිවීම් සේවා ඒකකවලින් ය.

පොලීසිය පැවසුවේ, විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති බවට සැක පළ කරන බවයි.

මේ වනවිට 138 මාර්ගයේ නුගේගොඩ ප්‍රදේශයේ රථවාහන තදබදයක් ඇතැයි ද අප වාර්තාකරු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]