දක්ෂිණ අධිවේගයේදී ඉන්ධන බවුසරයක් ගිනි ගනී

දක්ෂිණ අධිවේගයේදී ඉන්ධන බවුසරයක් ගිනි ගනී

by Staff writer 10-04-2021 | 12:36 PM

COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ ඉන්ධන බවුසරයක අද(10) අලුයම ගින්නක් හට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ එම ඉන්ධන බවුසරය කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගිනිගෙන ඇති බවය. සිද්ධියෙන් එහි රියැදුරු සහ රිය සහයකයා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පැවසීය.