කැරිබියන් දූපතක ප්‍රබල ගිනි කන්දක් විදාරණය වෙයි

කැරිබියන් දූපතක ප්‍රබල ගිනි කන්දක් විදාරණය වෙයි

කැරිබියන් දූපතක ප්‍රබල ගිනි කන්දක් විදාරණය වෙයි

කර්තෘ Staff writer

10 Apr, 2021 | 10:37 am

(News 1st) – කැරිබියන් දූපතක් වන ශාන්ත වින්සන්ට්හි ප්‍රබල ගිනි කන්දක් විදාරණය වීම ආරම්භ වී තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, පුද්ගලයින් 16,000 ක් රතු අවදානම් කලාපවල රැඳී සිටින බවයි.

ශාන්ත වින්සන්ට් දිවයිනේ අග්‍රාමාත්‍යවරයා මේ වනවිටත් ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන ලෙස නියෝග කර තිබේ.

ගිනි කන්ද සක්‍රීය වීම ආරම්භ වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ සිටය.

ඉන් කිලෝමීටර් 6 ක් තරම් උසකට අළු හා දුමාරය නැගෙමින් ඇතැයි විදෙස් වාර්තා පැවසීය.

එම ගිනි කන්ද අවසන් වරට පුපුරා ගියේ 1979 වසරේදී වන අතර එහිදී දිවයිනට සිදු වූ අලාභය ඩොලර් මිලියන් 100 කි.

ඊට පෙර 1902 වසරේදී ද එහි සිදු වූ දරුණු පිපිරීම්වලින් ශාන්ත වින්සන්ට් දිවයිනේ පුද්ගලයින් 1000 ක් ජීවිතක්ෂයට පත්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]