උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත් කෙරේ

BREAKING : උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත් කෙරේ

by Sagarika Chathumali 09-04-2021 | 1:50 PM

COLOMBO (News 1st) : අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ 2021 අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන ඔක්තෝම්බර් 4 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 3 වන ඉරිදා දිනයේත් 2021 වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ත් ආරම්භ කිරීමට ත් සැලසුම්කර ඇති බවයි. අමාත්‍යවරයා සඳහන් කළේ,  කොවිඩ් ව්‍යාප්තිය න පාසල් විෂයමාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම අසීරු තත්ත්වයකට පත් වීම හමුවේ සාකච්ඡා කිරීම්වලින් පසු මෙම තීරණවලට එළැඹි බවයි. https://www.youtube.com/watch?v=Upx6Nb1puz8