යාපනය නගරාධිපති පොලිස් අත්අඩංගුවට

යාපනය නගරාධිපති පොලිස් අත්අඩංගුවට

by Staff writer 09-04-2021 | 6:07 AM

COLOMBO (News 1st) - යාපනය මහ නගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා අද (09) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, වැඩිදුර විමර්ශන සඳහා ඔහු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට නියමිතව ඇති බවය. යාපනය නගරයට ආසන්න ප්‍රදේශයක පුද්ගලයින් 05 දෙනෙකු නිල ඇඳුමකින් රාජකාරියේ යෙදවූ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.