by Staff writer 09-04-2021 | 3:35 PM
COLOMBO (News 1st) : කොළඹ කොටුවෙන් පිටත්වීමට නියමිත සියලු දුම්රිය ගමන් මේ වනවිට අවලංගු කර තිබේ.
ඒ , දුම්රිය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ය.
දුම්රිය එන්ජන් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙකු පත් කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණ පැවත්වීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.
දුම්රිය රියැදුරන් සහ නියාමකයින් ඇතුළු වෘත්තීය සමිති 3 ක් එක්ව මෙම සංකේත වර්ජනය ආරම්භ කර තිබේ.
තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා මේ වනවිට ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බව ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර අප වාර්තාකරු පැවසුවේ, කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට නියමිත දුම්රිය ගමන්වාර අවලංගු කෙරුණු බව නිවේදනය කෙරුණු බවයි.
මේ හේතුවෙන් ගම්බිම් බලායාමට පැමිණ සිටින මගීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි අප වාර්තකරු සඳහන් කළේ ය.