ගම්බිම් බලා යන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට අද සිට විශේෂ ප්‍රවාහන සේවා

by Staff writer 09-04-2021 | 6:48 AM

COLOMBO (News 1st) - අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට අද(09) සිට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීන් පවසයි.

දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මගීන්ගේ පහසුව උදෙසා අද සිට අතිරේක දුම්රිය ගමන් වාර 21ක් ධාවනයට එක් කර ඇති බවය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද මගීන්ගේ පහසුව සඳහා විශේෂ දුර ගමන් සේවා සංවිධාන කර තිබේ. මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ, දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සංඛ්‍යාව වැඩිකර ඇති බවය. මීට අමතරව අධිවේගී මාර්ගයේ ධාවනය කරන බස් රථ සංඛ්‍යාව ද උත්සව සමයේ ඉහළ නංවා ඇති බව ගමනාගමන කොමිසම සඳහන් කළේ ය.