by Staff writer 09-04-2021 | 8:48 AM
COLOMBO (News 1st) - කුළු බඩු සංස්ථාව මගින් ගම්මිරිස් මිලට ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සුළු අපනයන භෝග ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, ගම්මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 800 ක මිලකට මිලදී ගැනීම සිදු කරන බවය.
මේ වනවිට ගම්මිරිස් බහුල ලෙස වගා කෙරෙන ප්‍රදේශ වන මීමුරේ හා රත්නපුර කොලොන්න ප්‍රදේශවල එම මිලදී ගැනීම් සිදු කර ඇති අතර ඒ යටතේ මිලදී ගෙන ඇති ගම්මිරිස් ප්‍රමාණය කිලෝග්‍රෑම් 15,000 කට අධික බව ඔහු ප්‍රකාශ කළේ ය.
මීට සමාගාමීව මිලදී ගන්නා ගම්මිරිස් සහන මිලට ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.