ඉන්දියාවේ නගර රැසකට යළිත් රාත්‍රී ඇඳිරි නීතිය

ඉන්දියාවේ නගර රැසකට යළිත් රාත්‍රී ඇඳිරි නීතිය

ඉන්දියාවේ නගර රැසකට යළිත් රාත්‍රී ඇඳිරි නීතිය

කර්තෘ Staff writer

09 Apr, 2021 | 9:08 am

News 1st – ඉන්දියාවේ නගර රැසකට යළිත් රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට සූදානම් වේ.

ඒ, කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හදිසියේ ඉහළ යාම හේතුවෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කළේ, කර්ණාටක ප්‍රාන්තයේ නගර 6 ක් හා බෙන්ගලූරු නගරයට හෙට සිට රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමට නියමිත බවය.

රාත්‍රී 10.00 සිට අලුයම 5.00 දක්වා පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 20 වැනි දා දක්වා බලපැවැත්වෙනු ඇති.

දෛනික ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවන ඉන්දියාවේ ප්‍රාන්ත 10 ක් මේ වනවිට හඳුනාගෙන ඇති අතර එම ප්‍රාන්ත වන්නේ මහාරාශ්‍රට, කර්ණාටක, චතිස්ගාර්, උත්තර් ප්‍රදේශ්, දිල්ලි, මධ්‍ය ප්‍රදේශ්, තමිල්නාඩු, ගුජරාට්, කේරල හා පන්ජාබ්.

ගත වූ පැය 24 තුළ ද ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 126,000 ක් හඳුනාගෙන ඇති අතර එය සියයට 84 දශම 21 ක වැඩිවීමකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]