ලංවිම සේවකයින් ලෙඩ වෙයි..

ලංවිම සේවකයින් පිරිසක් ලෙඩ නිඩාඩු

by Staff writer 08-04-2021 | 7:27 AM

COLOMBO (News 1st) - ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් පිරිසක් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කළේ, වැටුප් වැඩි නොකිරීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් අද දිනයේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කරන බවයි. මේ පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතාගෙන් මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.