රන්ජන්ගේ හිස් වූ මන්ත්‍රී අසුන මාන්නප්පෙරුමට

රන්ජන්ගේ හිස් වූ මන්ත්‍රී අසුන මාන්නප්පෙරුමට

by Sagarika Chathumali 08-04-2021 | 10:22 AM

COLOMBO (News 1st) : රන්ජන් රාමනායකගේ හිස්වූ මන්ත්‍රී අසුන සඳහා අජිත් මාන්නප්පෙරුම නම් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ, අදාළ නම අද ගැසට් කරන බවයි. පසුගිය මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ අපේක්ෂයින් අතර සමගි ජන බලවේගයේ අජිත් මාන්නප්පෙරුම මහතා  මනාප 47,212 ක් ලබා ගනිමින් දිස්ත්‍රික් ලයිස්තුවේ ඉදිරියෙන් සිටී. රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (7) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරු වූ රන්ජන් රාමනායකට මේ වනවිට සිව් වසරක සිරදඬවම් නියම වී සිටී.