රන්ජන්ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය කාට ද?

රන්ජන්ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය කාට ද?

by Staff writer 08-04-2021 | 8:22 AM

COLOMBO (News 1st) - රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය හිස් වීමෙන් වූ පුරප්පාඩුව සඳහා සුදුස්සෙකු නම් කර එවන්නැයි මැතිවරණ කොමිසම ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියාට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් රන්ජන් රාමනායක මහතා දැරූ මන්ත්‍රී ධුරය හිස් වී ඇති බව ලිපියකින් දැනුම් දුන් බවයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින තැනැත්තා ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීයා විසින් නම් කර එවනු ඇති. එම නම ඉදිරි දින දෙක ඇතුළත ගැසට් මගින් ප්‍රකාශට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. පසුගිය අගෝස්තු 05 වැනි දා පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මනාප ලයිස්තුවේ 47212 ලබා පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ අපේක්ෂයින් අතර අජිත් මාන්නප්පෙරුම මහතා ඉදිරියෙන් සිටී.