ඉන්දියාව් කොවිඩ් ආසාදිත ළමුන් ගණන ඉහළට

ඉන්දියාවේ ප්‍රාන්ත 5 ක කොවිඩ් ආසාදිත ළමුන් ගණන ඉහළ යයි

by Staff writer 08-04-2021 | 8:34 AM

News 1st - ඉන්දියාවේ ප්‍රාන්ත 05කින් කොවිඩ් ආසාදිත ළමුන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.

ඉන්දීය සෞඛ්‍ය අංශ වාර්තාවලට අනුව, පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ එම ප්‍රාන්ත 05න් වාර්තා වන කොවිඩ් ආසාදිත ළමුන් සංඛ්‍යාව 79,688 කි. ඒ අතරින් කොවිඩ් ආසාදිත ළමුන් 60,684 දෙනෙකු ම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන අතර ඉන් ළමුන් 9,882 දෙනෙකු වයස අවුරුදු 05ට අඩු දරුවන් ය. මෙතෙක් ළමුන් සඳහා ලොව කිසිදු රටක කොවිඩ් මර්දන එන්නතක් නිපදවා නොමැති වීම හමුවේ ආසාදිත ළමුන් සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත ළමුන් සඳහා අත්හදා බැලීම ද එක්සත් රාජධානිය තුළ අත්හිටවනු ලැබුවේ, එම එන්නත ලබා ගැනීමෙන් පසු රුධීරය කැටි ගැසීමේ සිදුවීම් වාර්තා වීමත් සමගයි.