හොර පාරෙන් රට පනින්න හැදූ 20ක් සිලාවතුරේදී අත්අඩංගුවට

හොර පාරෙන් රට පනින්න හැදූ 20ක් සිලාවතුරේදී අත්අඩංගුවට

හොර පාරෙන් රට පනින්න හැදූ 20ක් සිලාවතුරේදී අත්අඩංගුවට

කර්තෘ Sagarika Chathumali

08 Apr, 2021 | 11:21 am

COLOMBO (News 1st) : නීතිවිරෝධීව මුහුදු මගින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 20 දෙනෙකු කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, පසුගිය 6 වනදා සිලාවතුර, කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේදී කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් 20 දෙනා අතර පිරිමි පුද්ගලයින් 14 ක්, කාන්තාවන් 4 ක්, වයස අවුරුදු 13 ක ගැහැනු ළමයෙක් සහ වයස අවුරුදු 16 ක පිරිමි ළමයෙක් ද වෙති.

නාවික හුමදාව පැවුසවේ, මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු ද මෙම පිරිස අතර සිටින බවට හඳුනා ගත් බවයි.

මුලතිව්, යාපනය සහ මන්නාරම , වාලච්චේනය, වත්තල සහ පුත්තලම ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]