පුජ්‍ය ජබුරේවෙළ චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට

පුජ්‍ය ජබුරේවෙළ චන්ද්‍රරතන හිමි අත්අඩංගුවට

by Staff writer 08-04-2021 | 2:11 PM

COLOMBO (News 1st) - කොටුව පොලිස් ස්ථානයේ ජීප් රථයකට ආලාභානි කිරීම සම්බන්ධයෙන් පුජ්‍ය ජබුරේවෙළ චන්ද්‍රරතන හිමියන් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අද කොළඹ කොටුවේ පැවැති උද්ඝෝෂණයක දී එම පොලිස් ජීප් රථයට අලාභානි කර ඇති බවයි. අයුතු ජනරාශියක සමාජිකයෙකු වීම සම්බන්ධයෙන් චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. වැඩිදුර පරීක්ෂණ කොටුව පොලිස් ස්ථානය මගින් සිදු කරමින් සිටී.