
ඉන්දියාවේ ප්‍රාන්ත 5 ක කොවිඩ් ආසාදිත ළමුන් ගණන ඉහළ යයි
ඉන්දියාවේ ප්‍රාන්ත 5 ක කොවිඩ් ආසාදිත ළමුන් ගණන ඉහළ යයි
කර්තෘ Staff writer
News 1st – ඉන්දියාවේ ප්‍රාන්ත 05කින් කොවිඩ් ආසාදිත ළමුන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ.
ඉන්දීය සෞඛ්‍ය අංශ වාර්තාවලට අනුව, පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ එම ප්‍රාන්ත 05න් වාර්තා වන කොවිඩ් ආසාදිත ළමුන් සංඛ්‍යාව 79,688 කි.
ඒ අතරින් කොවිඩ් ආසාදිත ළමුන් 60,684 දෙනෙකු ම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන අතර ඉන් ළමුන් 9,882 දෙනෙකු වයස අවුරුදු 05ට අඩු දරුවන් ය.
මෙතෙක් ළමුන් සඳහා ලොව කිසිදු රටක කොවිඩ් මර්දන එන්නතක් නිපදවා නොමැති වීම හමුවේ ආසාදිත ළමුන් සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.
ඇස්ට්‍රාසෙනිකා එන්නත ළමුන් සඳහා අත්හදා බැලීම ද එක්සත් රාජධානිය තුළ අත්හිටවනු ලැබුවේ, එම එන්නත ලබා ගැනීමෙන් පසු රුධීරය කැටි ගැසීමේ සිදුවීම් වාර්තා වීමත් සමගයි.
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- මාතර ශාන්ත තෝමස්, ශාන්ත සර්වේෂස් රුහුණු මහා නිල් සටන හම්බන්තොටදී ඇරඹේ..
- රසායනික පොහොර ආනයනය නතර කරනවා – ජනපති
- කොළඹ වරාය නගර කෙටුම්පතට ආණ්ඩුවෙන් තවත් සංශෝධන..
- තවත් කොරෝනා මරණ 05ක්: අද දිනට ආසාදිතයින් 657ක්
- ලකුණු 450 පසු කළ බංග්ලාදේශයෙන් ශතක 2ක්: ශ්‍රී ලංකාව තවත් අමාරුවේ වැටෙයි..
- සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ වැටලීමකින් හෙරොයින් සමග 04ක් අත්අඩංගුවට
- කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ..
- ”බල පුළුවන්කාරකම් සහ වෘත්තිය ගරුත්වය කෙළෙසීම් දුටු විට නොදැක්කා සේ සිටිය නොහැකි වුණා” – කැරොලයින් ජූරි
- බැටික්ලෝ කැම්පස් කොතලාවල සරසවිය යටතට හෝ වෙනම සරසවියක් බවට පත් කරනවා – අධ්‍යාපන ඇමති