by Staff writer 07-04-2021 | 1:47 PM
COLOMBO (News 1st) - දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩල අද ලෙඩ නිවාඩු වාර්තාකොට සේවයෙන් බැහැර වී සිටී.
ඔවුන්ගෙන් කණ්ඩායමක් අද කොළඹදී විරෝධතාවක නිරත විය.
එම විරෝධතාවය හේතුවෙන් කොළඹ පුරහල ආශ්‍රිතව රථවාහන තදබදයක් ඇති වී තිබෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පැවසුවේ ඉල්ලීම් 11ක් මුල් කර ගනිමින් අද දිනය පුරා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කෙරෙන බවයි.