by Staff writer 07-04-2021 | 10:24 AM
COLOMBO (News 1st) : රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
කතානායකවරයා කියා සිටියේ , මන්ත්‍රී ධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා ඇති බවයි.
අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරු වූ රන්ජන් රාමනායකට මේ වනවිට සිව් වසරක සිරදඬවම් නියම වී සිටී.
https://www.youtube.com/watch?v=3BZ42X2kPNg