බේකරි නිෂ්පාදකයින්ට පාම් ඔයිල් ගෙන්වීමට ක්‍රමයක්

බිස්කට් සහ බේකරි නිෂ්පාදකයින්ට පාම් ඔයිල් ආනයනයට විශේෂ බලපත්‍ර ක්‍රමයක්

by Staff writer 07-04-2021 | 12:46 PM

COLOMBO (News 1st) : බිස්කට් සහ බේකරි නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය පාම් ඔයිල් ආනයනයට විශේෂ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසී ය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය 2016 වසරේ සිට පාර්ලිමේන්තුවට වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නොමැති බව ද මෙම අවස්ථාවේදී හෙළි විය. මේ එම සංවාදයට එක්වු බුද්ධික පතිරණ, සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මැති ඇමතිවරුන් ද අදහස් පළ කළහ. මේ අරත අප්‍රේල් 21 ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය ද හතරවන දිනටත් අද පැවැත්වේ.