සූදු පොළක් වටලා චීන ජාතිකයින් 5ක් අත්අඩංගුවට

බම්බලපිටියේදී සූදු පොළක් වටලා චීන ජාතිකයින් 5ක් අත්අඩංගුවට

by Sagarika Chathumali 07-04-2021 | 9:55 AM

COLOMBO (News 1st) : බම්බලපිටිය ලෝරිස් පාර ප්‍රදේශයේදී නීති විරෝධී සූදු පොළක් වටලා චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, චීන ජාතික කාන්තාවක ඇතුළු චීන ජාතිකයින් 5 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් දස ලක්ෂ 88 500 ක් හා චීන යුවාන් 2600 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙම වැටලීම සිදු කර ඇත්තේ, බම්බලපිටිය සහ කොල්ලිපිටිය පොලිස් ස්ථානවල නිලධාරීන් ඒකාබද්ධවයි.