by Staff writer 07-04-2021 | 12:14 PM
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු සභා ගර්භයේදි තුළ විපක්ෂය විරෝධතාවක් ආරම්භ කර තිබේ.
ඒ රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන හිස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දීමත් සමගයි.
අද පෙරවරුවේ කථානායකාවරයා කියා සිටියේ මන්ත්‍රීධුරය හිස්වීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා මැතිවරණ කොමිසමට දන්වා ඇති බවයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවූ රන්ජන් රාමනායක මහතා මේ වනවිට වසර 4 ක සිරදඬුවම් විඳිමින් සිටී.
https://www.youtube.com/watch?v=clF38mUI6MA