පැය 24ක් තුළ බ්‍රසීලයේ කොරෝනා මරණ 4000 ක්

දහස් ගණන් මියැදුණත් වංසගතය පාලනයට පියවරක් නොගන්නා රටක්

by Sagarika Chathumali 07-04-2021 | 4:51 PM

COLOMBO (News 1st) : බ්‍රසීලයෙන් ගෙවුණු පැය 24 තුළ 4000කට වැඩි කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව කොරෝනා වසංගත ව්‍යාප්තිය ආරම්භ වූ දා සිට මේ දක්වා බ්‍රසීලයෙන් වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව මෙයයි. රෝහල් ආසාදිතයින්ගෙන් පිරී ගොස් ඇති අතර ඇතැම්, නගරවල ප්‍රතිකාර අපේක්ෂාවෙන් සිටින පිරිස් රෝහල්ගත වීමටත් පෙර මිය යාම් හමුවේ, පිළිඹිබු වන්නේ, එරට සෞඛ්‍ය පද්ධතියේ ශීඝ්‍ර බිඳවැටීමයි. අද වනවිට එරට සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව බ්‍රසීලයෙන් මිලියන 13කට අධික ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇති අතර පසුගිය මාර්තු මාසයෙන් පමණක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 66000 අධික ය. රටේ සමස්ත මරණ සංඛ්‍යාව 337,000 ඉක්මවා ගොස් ඇති අතර කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසා ලොව බලපෑමට ලක් වූ දෙවන රට බ්‍රසීලයයි. කෙසේ වෙතත් ජනාධිපති ජේර් බොල්සනාරෝ තවදුරටත් පසුවන්නේ, රට වසා දැමීමක් හෝ වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා කිසිදු පියවරක් වෙත යොමු නොවීමේ දැඩි ස්ථාවරයකයි. වෛරස ව්‍යාප්තිය පාලනය පිළිබඳ අවාධනය යොමු නොකරන ජනාධිපතිවරයාගේ අදහස් වී ඇත්තේ, ආර්ථිකයට සිදුවන හානිය වෛරසයේ බලපෑමට වඩා දරුණු වනු ඇති බවටයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඊයේ (06) ජනාධිපතිවරයා නිල නිවස පිටත සිට නිරෝධායන ක්‍රියාමාර්ග විවේචනය කරමින් අදහස් පළකර ඇතත්, ගෙවුණු පැය 24 කොරෝනා නිසා රටට අහිමි වූ ජීවිත 4,195 ගැන කිසිදු සඳහනක් සිදු නොකළ බවයි.

ඉකුත් මාසයේ බ්‍රසීලයේ කොරෝනා මරණ 65,000 පනී