by Staff writer 07-04-2021 | 4:04 PM
COLOMBO (News 1st) - ලබන 13 සහ 14 දිනයන්හි සුරාසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල් බලපත්‍ර හා දිවයින පුරා පිහිටි අනෙකුත් සිල්ලර මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් වසා තැබිය යුතු බවයි.
ලබන 26 වැනි දාට යෙදි ඇති බක්පුර පසළොස්වක පොහොය දිනයේ ද දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස්වරයා විසින් නියෝග කර තිබේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙම කාල සීමාවන්හිදී සුරා අපරාධ 1913 දුරකතනයට දැනුම් දෙන ලෙසයි.