21 ප්‍රහාරය: කොළඹ දිසා අධිකරණයට නඩු 27ක්

21 ප්‍රහාරයෙන් අගතියට පත් වූවන්ට වන්දි ගෙවන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණයට නඩු 27 ක්

by Staff writer 06-04-2021 | 6:14 PM

COLOMBO (News 1st) - 2019 අප්‍රේල් 21 වැනි දා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වී මිය ගිය හා සදාකාලික අබාධිත තත්ත්වයට පත් වූ සිය ඥාතීන්ට වන්දි ගෙවීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු 27 ක් පවරා තිබේ.

එම නඩුවල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි නිලන්ත ජයවර්ධන හා නීතිපතිවරයායි. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එළ්ල වන බවට නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, ඒවා වළක්වා ගැනීමට පියවර නොගෙනීමෙන් වග උත්තරකරුවන්ගෙන් බහුතරයක්, ඔවුන්ගේ රාජකාරී වගකිම් පැහැර ඇති බැවින් ඔවුන්ගෙන් වන්දි අය කර ගැනීමේ හිමිකමක් තමන්ට ඇති බවට නිගමන කර වන්දි ගෙවීමට නියෝගයක් කරන්නැයි ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.