වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් නීතිපති හමුවට කැඳවයි

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් සාකච්ඡාවක් සඳහා නීතිපති හමුවට කැඳවයි

by Staff writer 06-04-2021 | 3:53 PM

COLOMBO (News 1st) - වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ එම දෙපාර්තමේන්තුවේ සෙසු නිලධාරීන් සාකච්ඡාවක් සඳහා නීතිපති හමුවට කැඳවා තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවේ, සාකච්ඡාව අද පැවැත්වෙන බවය. වන විනාශයන් සිදුවන බවට මෑත කාලයේ පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට සහ අවශ්‍ය උපදෙස් ලබාදීම සඳහා එම හමුව කැඳවා ඇති බව ඇය සඳහන් කළා ය.