ගේට්ටු මුරකරුට පහර දුන් දුන් මන්ත්‍රී කොටු

දුම්රිය ගේට්ටු මුරකරුවෙකුට පහර දුන් දුන් ප්‍රා. සභා මන්ත්‍රී ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

by Staff writer 06-04-2021 | 3:51 PM

COLOMBO (News 1st) - පේරාදෙණිය, පැණිදෙනිය දුම්රිය හරස් මාර්ගයේදී ගේට්ටු මුරකරුට පහරදුන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අද(06) අලුයම 3.00 ට පමණ ආරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා දමා තිබූ අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් කිරීමට පැමිණි සැකකරුවන් හා මුරකරු අතර බහින් බස්වීමක් සිදුව ඇති බවය. එහිදී ඇති වූ පහරදීමකින් තුවාල ලැබූ මුරකරු මේ වනවිට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, උඩුනුවර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් ඇතුළු තිදෙනෙකි. සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.