බුදුපිළිමයකට හානි කිරීම:ඉන්දීය ජාතිකයා මිය යයි

කුලියාපිටියේ බුදු පිළිමයකට හානි කිරීම: රිමාන්ඩ් සිටි ඉන්දීය ජාතික සැකකරු මිය යයි

by Staff writer 06-04-2021 | 7:42 AM

COLOMBO (News 1st) - කුලියාපිටිය ප්‍රදේශයේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි, ඉන්දියානු ජාතිකයා හදිසියේ අසනීප වී වාරියපොළ රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටියදී ඊයේ රාත්‍රීයේ හදිසියේ ඔහු රෝගී වී ඇති බවය. සැකකරු එම අවස්ථාවේ රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇතැයි, කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේය. එලෙස මියගොස් ඇත්තේ ඉන්දියානු ජාතික දිලිප් කුමාර් නමැති 37 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගේ මෘත ශරීරය මේ වනවිට වාරියපොළ රෝහලේ මෘත ශරීරාගාරයේ ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව තැන්පත් කර තිබේ.